නීල නෙතු ළඟ දැවටිලා ලොවම අමතක වී ගියා
පාළු කතරේ මුවැත්තිය දැක මටම මා සිහි නෑ
නෙතින් ඉවතට ගන්න මා නෙත්
මටම මා සිහි නෑ
පිපුණු තොල්පෙති කීව රහසට
විදුලි සැර පාවී නළල් තලයේ
හෙලපු සුසුමේ බර දැනෙන්නැති
නුඹව සිපගෙන ගියපු මද පවනේ
නීල නෙතු ළඟ දැවටිලා ලොවම අමතක වී ගියා...........
නුඹට අවනත මගේ සිතුවිලි
ඔහේ පාවී නුඹ සොයා ඒවී
තවත් ඈතින් ඉන්න බෑ මට
පියාසර කර එන්න මගෙ සිහිනේ
නීල නෙතු ළඟ දැවටිලා ලොවම අමතක වී ගියා.