බොරවෙලා දියවෙලා ගලනවා ඔහෙ කානුවෙ හොදත් නෑ නරකකුත් නෑ
මුකුත් නෑ මේ ජීවිතේ
හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්
හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්
හිනාවෙන්නට බලන් හිටියට
සැපක් ගැන හිත පෙරුම්පිරුවට
අනුන්ගේ සැප බලෙන් උදුරන්
අපේ කරගත්තොත් මිසක්
අදත් නෑ හෙටත් නෑ... අපිට සැපතක් ලැබෙන්නෑ
අදත් නෑ හෙටත් නෑ... අපිට සැපතක් ලැබෙන්නෑ
හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්
හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්
ආදරේ හඳ පුරා දිව්වට
කිතිකැවී හිත බලන් හිටියට
දුන්න උදුරන් මල්සරාගෙන්
අපිම විදගත්තොත් මිසක්
අදත් නෑ හෙටත් නෑ... අපිට ආදරේ ලැබෙන්නෑ
අදත් නෑ හෙටත් නෑ... අපිට ආදරේ ලැබෙන්නෑ
බොරවෙලා දියවෙලා ගලනවා ඔහෙ කානුවෙ හොදත් නෑ නරකකුත් නෑ
මුකුත් නෑ මේ ජීවිතේ
හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්
හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්