සරා සඳක් වී ඔබේ නිල් අහසේ පායනු මට තහනම්
මේ ආත්මයේ ඔය ඇස් අද්දර නවතිනු මට තහනම්
අන් සතු වී මා ළං වනු නොහැකිය
ආදරෙ මට තහනම්
ලඟින් නොසිටියත් හිතින් පෙම් කරන ඔබේ කුමාරිය මං
හිරිමල් වයසේ සිතට හොරා පෙම් කරන්න ඇත ඔබ නම්
කඳුලු පුරෝගෙන රෑ තුන් යාමේ අඬන්න ඇත ඔබ නම්
පිවිතුරු සෙනෙහෙක සුවඳ විඳින්නට පින් කර නැත මා නම්
පැතුම් පතන්නන් ලබන ආත්මෙක ඔයා මගේම වේ නම්
උදේ දිවා රෑ නිල් නෙතු අද්දර සිටින්න මට හැකි නම්
පුරමි පාරමී කල්පයක් වුණත් ඔයා මගෙම වේ නම්
ඔය ඇස් මතකයි වෙන්වී ගියාට අමතක නොවෙන තරම්
අන් සතු වී මා දුරස් වෙලා ඔබ මා සිත හඬන තරම්