අකාලයට පිපි පුංචි මලක් ඔබ
මගේ නිල් දෑසෙයි රැඳුනේ
කඳුළින් ඉපදී කඳුලින් මිය යන
දෙන්නේ අහස ඇයි අද තනිවි
පෙර ආත්මයේ පුරුදු ලෙසින් අපි
හමුවීමේ සංසාරේ
පුංචි වරදකින් ඔය රුව දුටු දා
ඔබටම මා සිත බැඳුනේ
වස්සානයේ ඔබ දේ දුන්නක්සේ
පෙනි පෙනි නොපෙනී උන්නේ
පුංචි වචනයක් කතා නොකරමින්
සොඳුරිය ඇයි සමුගත්තේ
නිහඩව පිපී මල් නිහඩව පර වී
පෙති පෙති ගිලිහී වැටුනේ
මතකයේ සැමරුම් අතරේ මියැදෙන
ගිනිගත් හදවත මම වේ