නිදි නැද්ද තාම මහන්සී ද හිතට
ඇස් පියවෙලත් නොනිදි තාම ඔබ
බලා උන්නෙ මා ඒ ඔබේ දිහා
දුක හිතුනා මතක් වී අතී තේ
අතිනත් අරන් ඔබෙන් වෙන්වුනේ
දුර ඈත දේසේ මෙමා
හිමින් සැරේ අපි ආ මගේ
ඔබ හැංගූ කඳුලැල් සාගරේ
තාමත් ගිනි අරං ඇතී
උපමා කුමට දෝ දෛවය ට සසඳන්න
අපි ගෙවපු කාලේම මදිදෝ
ඒ සා හිතේ රැන්දු කඳුහෙල් පුරා වැදුනු
අකුණුයි සැරයි වාගෙ විඳපූ