මනරම් දෑසින් කී කතා
හද ගොලු කලා
මා සිප ගත්තා
මනරම් දෑසින් කී කතා
හද නැවතුවා මා රැවටුවා
ඔබ ගැන සොය සොයා
ඒමට ඔබ පෙලබුවේ
ඇයි දැයි නොදනී
රෑ අහසේ තරු වැනි ඔබෙ දෑස්
මාගෙ සිත ගත්තා
මා සමඟ ඔබෙ දෑස්
කතා කරේ ඇයි දැයි මම නොදනි
ඔබේ රුව මා සිත ඇමතුවේ
ඇයි දැයි මම නොදනි
රෑ අහස දුටු විට මට
ඔබේ රුවමයි සිතේ මැවෙන්නේ
ඔබ මා හැර යන විට
ඔබට ඔබේ රුව මාගෙ සිතින්
රැගෙන යාමට අමතක විය
එය මා හට දී ගියේ
ඇයි දැයි මම නොදනි