හද ගැහෙන නුඹේ සුවඳ
ලඟ පහසින් මා නිවෙන
නුඹේ සෙනෙහේ සුව සොයන
මඳු ස්වරයෙන් — ඔබ කොහෙද?
මට කියන්…
සඳ දිලෙන එක රැයක
සුව යහන ගැන සිහින
තනිකඩව මැව් මතක
මට දැනුන ඒ සුවඳ
කොහෙදෝ කියන්…
මතක මැද තනිවෙලා
හිත තවම ඔබම හොයනවා
නොපෙනෙන දුරක
මාව හැරදා ගියේ..
ඇයිදෝ කියන්..
ඒක එක පෙමක් — නමක් නැති දුරක්
ඇවිත් මේ තරම් හිතට ලඟින්
සැලෙන එක සිතක් — ලඟින් එක රැයක්
වෙයන් සුර ලදක් — මටම සදාකල්
Close to you.. ooooooo
Close to youuu....hu...
සුවඳක් වගේ එන්න
හුස්මක් වෙලා රැඳෙන්න
සිහිනයෙන්වත් මට දැනෙන්න
හිතට ලංවී ඉන්න…
Close to you... ooooooo
Close to you oh.. oh oh oh...hh
Close to you